Watch : ඉන්දියාව අනතුරට ඇදදමමින් ෂුබ්මන් ගිල් කඩුල්ලටම නිදැල්ලේ යැවූ පන්දුව

Date:

නවසීලන්තය සමග පැවැත්වෙන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා ඉන්දියාවට ලකුණු 147 ජයග්‍රාහී ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, මුම්බායිහි පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය වන අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තයේ සියලු දෙනා ලකුණු 174 කට දැවී යාමත් සමගයි.

පූර්ණ ටෙස්ට් තරගාවලි පරාජයකින් ගැළවීමේ අරමුණින් ඉන්දීය පිතිකරුවන් දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීම  සදහා පිටියට පිවිසි නමුත්, ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 29 ක් තුළ බිද වැටුණා.

එහිදී ෂුබ්මන් ගිල්ගේ දැවී යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා. අජාස් පටෙල් යොමු කළ පන්දුවක් ඔහු  නිදැල්ලේ යැවීමට කටයුතු කළ අතර, එම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ෂුබ්මන් ගිල් දැවී ගියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...