ජඩේජා, අශ්වින් හා ගිල්ගේ දක්ෂතා හමුවේ තෙවැනි ටෙස්ට් තරගයේ පාලනය ඉන්දියාවට

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(2) මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ තරගයේ සම්පූර්ණ පාලනය ඉන්දියාවට නතු කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 171 ක් ලබා සිටි අතර, ඒ් අනුව ඔවුන් මේ වන විට ඉදිරියෙන් පසුවන්නේ ලකුණු 143 ක් පමණයි.

නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් විල් යන්ග් ලකුණු 51 ක්, ග්ලේන් පිලිප්ස් ලකුණු 26 ක්, ඩෙවෝන් කොන්වේ ලකුණු 22 ක් හා ඩැරල් මිචෙල් ලකුණු 21 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 52 කට කඩුලු 4 ක් හා රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 63 කට කඩුලු 3 ක් දවා ගත්තා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 86 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 263 ක් රැස් කිරිමට සමත් වුණා. ඒ්, පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ලබා ගත් ලකුණු 235 ට පිළිතුරු ලෙසයි.

ඉන්දීය පළමු ඉනිම වෙනුවෙන් ෂුබ්මන් ගිල් ලකුණු 90 ක් හා රිෂාබ් පාන්ට් ලකුණු 60 ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 96 (114) ක්.

වොෂින්ටන් සුන්දර් නොදැවී ලකුණු 38 ක් හා යශස්වි ජයිස්වාල් ලකුණු 30 ක් රැස් කළා. පන්දු යැවීමේ දී අජාස් පටෙල් කඩුලු පහක් දවා ගත්තේ ලකුණු 103 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...