LPL ක්‍රීඩකයින් තේරීමට තවත් අදියරක් – කණ්ඩායම් නායකයින් සහ පුහුණුකරුවන් මෙන්න

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩකයින් තෝරා ගැනීම හෙවත් කෙටුම්පත් කිරීමේ (Player Draft) දෙවැනි අදියර ලබන පළමු වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.

එහි පළමු අදියර ඊයේ(19) අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණු අතර, එහිදී ක්‍රීඩකයින් 91 දෙනෙකු තෝරා ගැනීමට කණ්ඩායම් කළමණාකාරීත්නය කටයුතු කළා.

කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයින් 16 දෙනාට අමතරව අතිරේක ක්‍රීඩකයින් 4 දෙනෙකු ද තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකාරීත්වයට අවස්ථාව හිමි වුණා.

කෙසේ වෙතත් එළඹෙණ නොවැම්බර් 01 වැනිදා ද ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තෝරා ගැනීමේ අවස්ථාව කණ්ඩායම්වලට ලබා දීමට තරගාවලි සංවිධාන කමිටුව පියවර ගෙන තිබෙනවා.

එබැවින් ඊයේ දිනයේදී සෑම කණ්ඩායමක්ම ක්‍රීඩකයින් කිහිප දෙනෙකු තෝරා ගැනීම එදින දක්වා කල් දැමීමටයි පියවර ගත්තේ.

ඊයේ දින තෝරා ගත් ක්‍රීඩකයින්ගේ සම්පූර්ණ ලැයිස්තුව – (ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇති කණ්ඩායම් පුහුණුකරුවන් සහ ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවියේ දක්වා ඇති පරිදි කණ්ඩායම් නායකයින්)

කලම්බු කිංග්ස් – (පුහුණුකරු – ඩේව් වට්මෝර්)

ඇන්ජෙලෝ මැතිව්ස්(නායක), ඇන්ඩ්‍රි රසල්, ෆෆ් ඩු ප්ලෙසිස්, මන්ප්‍රීට් ගෝනි, මන්වින්දර බිස්ලා, ඉසුරු උදාන, දිනේෂ් චන්දිමාල්, අමිල අපොන්සු, අශාන් ප්‍රියන්ජන, රවීන්ද්‍රපාල් සිං, දුෂ්මන්ත චමීර, ජෙෆ්රි වැන්ඩර්සේ, තික්ෂල ද සිල්වා, තරිදු කෞෂාල්, ළහිරු උදාර, හිමේෂ් රාමනායක, කලන පෙරේරා, තරිදු රත්නායක, නවෝද් පරණවිතාන.

දඹුල්ල හෝක්ස් – (පුහුණුකරු – ජෝන් ලුවිස්)

දසුන් ශානක(නායක) , ඩේවිඩ් මිලර්, කාර්ලස් බ්‍රැත්වෙයිට්, සමිත් පටෙල්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු කුමාර, ඕෂද ප්‍රනාන්දු, කසුන් රාජිත, පෝල් ස්ට්‍රිලින්, ළහිරු මදුෂංක, උපුල් තරංග, ඇන්ජෙලෝ පෙරේරා, රමේෂ් මෙන්ඩිස්, පුලින තරංග, අශේන් බණ්ඩාර, ඩිල්ෂාන් මදුෂංක, සචිදු කොළඹගේ

ගෝල් ග්ලැඩියේටර් – (පුහුණුකරු – මොයීන් ඛාන්)

ලසිත් මාලිංග(නායක) , ශහිඩ් අෆ්රිඩි, කොලින් ඉන්ග්‍රෑම්, හස්රතුල්ලා සසායි, මොහොමඩ් අමීර්, ධනුෂ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, අකිල ධනංජය, මිලින්ද සිරිවර්ධන, සර්ෆ්‍රාස් අහ්මඩ්, අසාම් ඛාන්, ලක්ෂාන් සදකැන්, ෂෙහාන් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර, මොහොමඩ් ශිරාස්, ධනංජය ලක්ෂාන්, චානක රුවන්සිරි. සහන් ආරච්චිගේ

ජැෆ්නා ස්ටැලියන්ස් –

තිසර පෙරේරා(නායක), ඩේවිඩ් මලාන්, වනිදු හසරංග, ෂොයිබ් මලික්, උස්මාන් ශින්වාරි, අවිශ්ක ප්‍රනාන්දු, ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, බිනුර ප්‍රනාන්දු, අසිෆ් අලී, මිනෝද් භානුක, චතුරංග ද සිල්වා, මහේෂ් තීක්ෂණ, චරිත් අසලංක, නුවනිදු ප්‍රනාන්දු, කනගරත්නම් කපිල්රාජ්, තිවේන්ද්‍රියන් දිනෝෂන්, යියාකාන්ත් යියස්කාන්ත්

කැන්ඩි ටස්කර්ස් – ( පුහුණුකරු – හෂාන් තිලකරත්න මහතා)

කුසල් ජනිත්(නායක) , ක්‍රිස් ගේල්, ලියම් ප්ලන්කට්, වහබ් රියාස්, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න, නවීනුල් හක්, කමිදු මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, ප්‍රියමාල් පෙරේරා, කවීෂ අංජුල, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු සමරකෝන්, නිශාන් මදුෂ්ක, චාමික එදිරිසිංහ, ඉෂාන් ජයරත්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...