චෙන්නායි පිලට තවත් දරුණු පරාජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 37 වැනි තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි පිල කඩුලු 5ක් දැවී ලබා ගත්තේ ලකුණු 125ක් පමණයි.

රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 35ක් සහ මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 28ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායම කඩුලු 3ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 17.3ක් අවසානයේ දී යි.

ඉනිමේ දැවී ගිය කඩුලු 3 ලකුණු 28ක් තුළ දැවී ගිය අතර, අනතුරුව ජොස් බට්ලර් සහ නායක ස්ටීවන් ස්මිත් සිව්වන කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 98ක සබදතාවයක් ගොඩ නැගුවා.

ජොස් බට්ලර් නොදැවී ලකුණු 70ක් රැස් කළේ පන්දු 48කින්.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 7ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී දීපක් චහාර් ලකුණු 18කට කඩුලු 2ක් බිද හෙලුවා.

මෙම ජයග්‍රහනයත් සමග රාජස්ථාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු 8ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානය හිමි කර ගෙන සිටිනවා.

තරග 10කට ක්‍රීඩා කර ප්‍රසාද ලකුණු 6කට හිමිකම් කියන චෙන්නායි පිල මේ වන විට පසුවන්නේ අවසන් ස්ථානයේයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...