බංග්ලාදේශය 38/4 – ලකුණු 537 ක් පිටුපසින්

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(30) Chattogram හී දී නිමා වුණේ තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම දකුණු අප්‍රිකාවට නතු කරමින්.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 38 ක්. ඒ, තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කඩුලු 6 ක් දැවී ලකුණු 575 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළ පසුබිමකයි.

බංග්ලාදේශ ඉනිම ආරම්භ කළ ශඩ්මන් ඉස්ලාම් ලකුණු නොලබාත්, මහ්මුදුල් හසාන් ජෝයි ලකුණු 10කටත්, සාකීර් හසාන් ලකුණු දෙකකටත්, හසාන් මහ්මුද් ලකුණු 3 කටත් දැවී ගියා. මොමිනුල් හක් නොදැවී ලකුණු 6ක් හා නජ්මුල් හොසේන් ශන්තෝ නොදැවී ලකුණු 4 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී කගිසෝ රබාඩා කඩුලු දෙකක් දවා ගත් අතර, ඩේන් පැටර්සන් හා කේෂාව් මහරාජ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

දිනය ආරම්භ කරන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු දෙකක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 307 ක්.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස David Bedingham ලකුණු 59 කට දැවී ගිය අතර, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ටෝනි ද සෝර්සි ලකුණු 177 ක් ලබා ගත්තා. හයේ පහර 4 ක් හා හතරේ පහර 12 ක් සෝර්සිගේ ඉනිම වර්ණවත් කළා.

ඊයේ දිනයේ දී ට්‍රිස්ටන් ස්ටබ්ස් ද ශතකයක් රැස් කරමින් ලකුණු 106 ක් රැස් කළා. අද දිනයේ දී දකුණු අප්‍රිකා ඉනිමේ වාර්තා වූ තෙවැනි ශතකය රැස් කිරීමට වියාන් මෝල්ඩර් සමත් වුණා.

ඔහු නොදැවී ලකුණු 105 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 8 ක් සමගින්. සෙනුරන් මුතුසාමි නොදැවී ලකුණු 68 යි.

පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් ලකුණු 198 කට කඩුලු පහක් දවා ගත්තා.

මේ වන විට බංග්ලාදේශය පළමු ඉනිමේදී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 537 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...