බෙන් ස්ටොක්ස්ගේ නිවස කොල්ලකයි ; ඡායාරූප නිකුත් කරමින් ස්ටොක්ස්ගෙන් ඉල්ලීමක්

Date:

එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටොක්ස්ගේ නිවස මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් මංකොල්ලකා තිබෙනවා.

ඔහු නිමා වූ පාකිස්ථාන තරග සංචාරයේ නිරත වෙමින් සිටින අතරතුරදීයි මෙම කොල්ලකෑම සිදුව ඇත්තේ.

ඔක්තෝම්බර් 17 වැනිදා පස්වරුවේ මෙම සොරකම සිදුවන අවස්ථාවේදී නිවස තුළ ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා පමණක් රැඳී සිට ඇති බව සඳහන්.

ඔවුන්ට ශාරීරිකව කිසිදු හානියක් සිදුව නැතත් ඔවුන් මෙම සිද්ධිය නිසා මානසිකව ඇද වැටී ඇති බවයි ස්ටොක්ස් පෙන්වා දෙන්නේ.

සොරුන් විසින් ස්වර්ණාභරණ සහ  පදක්කම් ඇතුළු නැවත ආදේශ කළ නොහැකි වටිනා භාණ්ඩ රැසක් ද කොල්ලකා ඇති බව ස්ටොක්ස් සදහන් කළා.

සොරකම් කරන ලද භාණ්ඩ රැසක ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කරමින් ඔහු මෙම සොරකම සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් වහාම ඒ පිළිබඳව දැනුම් දෙන ලෙසයි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...