පන්දුවේ කෙල ගෑම තහනම් කෙරේ – DRS හා විනිසුරු පත් කිරිම්වලත් සංශෝදන

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දුව පිරිමැදීම සදහා කෙල යොදා ගැනීම තහනම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලයේ ක්‍රිකට් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

ඒ, වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති රැස්වීමකදීයි.

කොරෝනා වෛරසය කෙල තැවරීම ඔස්සේ පැතිර යාමේ අවධානමක් පවතින බැවින් මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

කෙසේ වෙතත්, දහඩිය යොදා ගනිමින් පන්දුව පිරිමැදීම සදහා අවසර ලබා දීමට ද අයි.සී.සී ක්‍රිකට් කමිටුව තීරණය කර තිබෙනවා.

ක්‍රීඩාංගනය සහ අවට පරිසරය තුළ වැඩිදියුණු කළ සනීපාරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට ද මෙහිදී නිර්දේශ කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

මේ අතර, කොරෝනා වසංගත තත්ත්වයත් සමග ඇති වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර තරග සදහා නිළධාරීන් පත් කිරීමේ දී අදාළ තරග පැවැත්වෙන සත්කාරක රටෙහි විනිසුරුවන් සහ තරග තීරකවරුන් යොදා ගැනීමට ද අවසර ලබා දීමට නිර්දේශ කර තිබෙනවා.

ජාත්‍යන්තර සංචරන සීමා සහ නීරෝධායන ක්‍රියාවලීන් පිළිබද අවධානය යොමු කර මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

කෙසේ වෙතත්, මෙම පත් කිරීම් අයි.සී.සීය හරහා සිදු වන අතර, දේශීය එලියට් (local Elite) සහ ජාත්‍යන්තර තරග තීරක මණ්ඩලයෙන් සහ විනිසුරුවරුන්ගෙන් (International Panel referees and umpires) එම පත් කිරීම් සිදු කරනු ඇති.

එලියට් මණ්ඩලයට අයත් තරග නිළධාරීන් රටක නොමැතිනම්, හොදම දේශිය ජාත්‍යන්තර තරග නිළධාරීන් මණ්ඩලයේ (local International Panel match officials) නිළධාරීන් ඒ සදහා පත් කිරීමට නියමිතයි.

2002 වසරේ සිට අයි.සී.සීය විසින් තරග නිළධාරීන් පත් කිරීමේ දී තරගයට ක්‍රීඩා කරන රටවල් දෙකෙන් තරග නිළධාරීන් පත් කිරීම සිදු කරනු ලැබුවේ නැහැ.

මේ දක්වා තරග නිළධාරීන් පත් කිරීමේ බලය හිමිව තිබුණේ පහත සදහන් ආකාරයටයි –

ICC

මේ අතර, ජාත්‍යන්තර තරගවලදී ඉනිමක් සදහා ලබා දෙන විනිසුරු තීරණ නැවත විමසීමේ අවස්ථා (DRS) ප්‍රමාණය ද  ඉහළ නැංවීමට අයි.සී.සී ක්‍රිකට් කමිටුව නිර්දේශ කර ඇත්තේ විනිසුරුවන් පත් කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කළ සංශෝදනය හේතුවෙන්.

ඒ අනුව සෑම තරග අංශයකදීම එක් කණ්ඩායමකට එක් ඉනිමකදී තවත් අමතර DRS අවස්ථාවක් ලබා දීමට නිර්දේශ කර තිබෙනවා.

මෙම සියලු තීරණ කොරෝනා වසංගත තත්ත්වය පහව යන තුරු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන නමුත්, ඒ සදහා ලබන මාසයේ දී රැස් වන ජගත් ක්‍රිකට් කවුන්සලයේ ප්‍රධාන විධායක කමිටුවේ අවසරය හිමි විය යුතුයි.

අනිල් කුම්බ්ලේ සභාපතිත්වය දරන අයි.සී.සී ක්‍රිකට් කමිටුවේ සාමාජිකයින් ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන සහ තරග තීරක රංජන් මඩුගල්ල යන මහත්වරුන් ද කටයුතු කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...