වසර 3ක තහනමට එරෙහිව අක්මාල්ගෙන් අභියාචනයක්

Date:

පාකිස්තාන පිතිකරු උමාර් අක්මාල් තමාට එරෙහිව පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ විනය කමිටුව විසින් පැනවූ වසර 3ක ක්‍රිකට් තහනමට එරෙහිව අභියාචයක් ඉදිරිපත් කර තිබෙනවා.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීමේ චෝදනා දෙකක් උමාර් අක්මාල්ට එරෙහිව එල්ල වී තිබූ අතර, ඒ අනුවයි ඔහුට වසර 3ක ක්‍රිකට් තහනමක් පැනවුණේ.

එම තහනම මෙම සිද්ධියට අදාළව ඔහුට එරෙහිව පළමු වරට තාවකාලික තරග තහනමක් පැනවූ පසුගිය පෙබරවාරි 20 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට අදාළව තරග පාවාදීම සදහා ඔහුට කෙරුණු යෝජනා පිළිබද තොරතුරු වාර්තා නොකිරීම උමාර් අක්මාල්ට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

පාකිස්තාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඉදිරි දින 15 තුළ දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් මෙම අභියාචනය විමර්ශනය කිරීම සදහා ස්වාධීන කමිටුවක් පත් කරනු ඇති බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...