සෝර්සි හා ස්ටබ්ස් රැස් කළ මංගල ශතක හමුවේ පළමු දිනයේ සියලු ගෞරව දකුණු අප්‍රිකාවට

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද(29) Chattogram හී දී ආරම්භ වුණා.

ටෝනි ද සෝර්සි හා ට්‍රිස්ටන් ස්ටබ්ස් රැස් කළ මංගල ටෙස්ට් ශතක හමුවේ පළමු දිනය නිමා වුණේ දිනයේ සියලු ගෞරව දකුණු අප්‍රිකාවට හිමි කර දෙමින්.

දිනය නිමා වන විට කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු දෙකක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 307 ක්.

ටෝනි ද සෝර්සි නොදැවී ලකුණු 141 ක් ලබා කඩුල්ලේ රැදී සිටින්නේ හයේ පහර 3 කින් හා හතරේ පහර 10 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්.

ස්ටබ්ස් හයේ පහර 3 ක් හා හතරේ පහර 6 ක් සමගින් ලකුණු 106 ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 201 (342) ක්.

සෝර්සි සමග ඉනිම ආරම්භ කළ ඒඩ්න් මාක්‍රම් ලකුණු 33 කට දැවී ගිය අතර, David Bedingham නොදැවී ලකුණු 18 යි.

පන්දු යැවීමේ දී තයිජුල් ඉස්ලාම් ලකුණු 110 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...