Watch : පන්දුවක් ඇස ආසන්නයේ වැදී ඇඩිලේඩ් කඩුලු රකින්නිය මුහුණ දුන් අනතුර

Date:

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කඩුලු රකින ක්‍රීඩිකා Bridget Patterson අද(29) පැවැති කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගය අතරතුර කඩුලු රකිමින් සිටියදී අනතුරකට මුහුණ දුන්නා.

සිඩ්නි සික්සර්ස් කණ්ඩායම සමග මෙම තරගය උතුරු සිඩ්නිහී දී පැවැති අතර, තරගයෙන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ලකුණු 11 ක ජයක් වාර්තා කළා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්ට්‍රයිකර්ස් පිල පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 171 ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සික්සර්ස් පිලට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 160 ක් පමණයි.

සිඩ්නි ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී Darcie Brown යොමු කළ පැයට කිලෝ මීටර් 119 ක වේගයෙන් යුත් පන්දුවක් කඩුලු රකිමින් සිටි Bridget Patterson ගේ මුහුණේ වැදීමෙන් අනතුරක් සිදු වූ අතර, ඒ හේතුවෙන් ඇය දැඩි වේදනාවකට පත් වන ආකාරයක් ද දැක ගත හැකි වුණා.

පන්දුව කඩුලු රකින්නියට තරමක් ආසන්නයේ පතිත වී ඇයගේ දකුණු ඇස ආසන්න ප්‍රදේශයේ වැදීමෙන් මෙම අනතුර සිදු වුණා.

මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමෙන් පසුව ඇයව ක්‍රීඩා භූමියෙන් ඉවතට රැගෙන යාමට කටයුතු කෙරුණා.

කෙසේ වෙතත්, ඇය තරගය නිමා වන තුරු ක්‍රීඩාගාරයේ රැදී සිට ඇති අතර, ඉදිරි දිනවලදී ඇයගේ තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවක් සිදු කිරීමට නියමිතව තිබෙනවා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...