මතභේද මැද ගැරී කර්ස්ටන් පාකිස්තාන පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි

Date:

පාකිස්තාන සීමිත පන්දුවාර කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස් වීමට ගැරී කර්ස්ටන් තීරණය කර තිබෙනවා.

ඔහුව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් එම ධූරය සදහා වසර දෙකක කාලයක් වෙනුවෙන් පත් කළේ පසුගිය අප්‍රේල් මාසයේදීියි.

කෙසේ වෙතත්, ධූරය භාර ගැනීමෙන් මාස හයක පමණ කාලයකින් පසුව දකුණු අප්‍රිකානු ජාතික ගැරී කර්ස්ටන් සිය ධූරයෙන් ඉවත් වීමට මෙලෙස තීරණය කළේ ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින හා විස්සයි 20 තරගාවලි ද ආරම්භ වීමට සතියක පමණ කාලයක් ඉතිරිව ඇති පසුබිමකයි.

පුහුණුකරුවන් හා පාකිස්තාන ක්‍රිකට් ආයතනය අතර මතභේදාත්මක තත්ත්වයන් වර්ධනය වෙමින් පවතින අවස්ථාවක ගැරී කර්ස්ටන් මෙම තීරණය ගෙන තිබීම විශේෂත්වයක්.

පාකිස්තාන ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ජේසන් ජිලෙස්පි පත් කිරීමට ද එරට ක්‍රිකට් ආයතනය අප්‍රේල් මාසයේ දී කටයුතු කර තිබූ අතර, මෑතකදී පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කළේ ඔවුන් දෙදෙනාව ක්‍රීඩකයින් තේරීමේ කටයුතුවලින් ඉවත් කිරීමටයි.

ඒ අනුව මේ වන විට කණ්ඩායම් තේරීම ස්වාධීන කමිටුවක් විසින් සම්පූර්ණයෙන්ම කළමනාකරණය කරනු ලබනවා.

නමුත්, ජේසන් ජිලෙස්පි පසුගියදා මෙම තීරණය පිළිබද සිය අසතුට පල කරමින් සඳහන් කළේ “එය මම අත්සන් කළ දේ නොවේ.” යනුවෙනුයි.

මේ අතර, ගැරී කර්ස්ටන්ගේ ඉල්ලා අස්වීම සිය ආයතනය පිළිගෙන ඇති බැවින් එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සදහා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ජේසන් ජිලෙස්පි පත් කළ බව මේ වන විට පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...