ඉන්දීය ක්‍රීඩකයින්ට එරෙහි වූ ස්ටුවට් ලෝ ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් නෙරපයි

Date:

ඇමෙරිකා එක්සත් ජනපද ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ස්ටුවට් ලෝ ධූරයෙන් නෙරපීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ඇමෙරිකාව ඓතිහාසික ජයග්‍රහන රැසක් අත්කර ගැනීමට සමත් වූ පසුබිමකයි.

Cricket World Cup League 2 යටතේ ස්කොට්ලන්තය සමග පැවැති තරගයෙන් කඩුලු 10 ක පරාජයක් ලැබීමෙන් පසුව ඇමෙරිකා ක්‍රිකට් ආයතනය මේ බව නිවේදනය කළා.

ඔහුව ධූරයෙන් නෙරපීමට ගත් තීරණයට හේතුව එරට ක්‍රිකට් ආයතනය ප්‍රසිද්ධියට පත් කර නොමැති අතර, ඇමෙරිකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී Johnathan Atkeison සදහන් කළේ “එය පහසු තීරණයක් නොවීය.” යනුවෙනුයි.

නායක මොනාක් පටෙල් ප්‍රමුඛ ඇමෙරිකාව නියෝජනය කරන ඉන්දීය ක්‍රීඩකයින්ට වෙනස්කොට සලකන බවට පුහුණුකරුට එරෙහිව චෝදනා එල්ල වී තිබූ බවයි ක්‍රික්බස් වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

අසාධාරණ ලෙස සැලකීම හේතුවෙන් ඉන්දීය ක්‍රීඩකයින් රැසක් පුහුණුකරුට එරෙහිව පැමිණිලි සිදු කර තිබූ බව සදහන්.

මීට පෙර ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව් හා බංග්ලාදේශය යන රටවල විවිධ පුහුණුකරු ධූරයන් දැරූ ස්ටුවට් ලෝ ඇමෙරිකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් කෙරුණේ පසුගිය අප්‍රේල් මාසයේදීයි.

මාස හතක පමණ කාලයක් ඔහු සිය ධූරයේ කටයුතු කළ අතර, එම කාලයේ දී ඇමෙරිකා කණ්ඩායම විසින් විස්සයි 20 තරගාවලියකින් බංග්ලාදේශය පරාජයට පත් කිරීමට සමත් වුණා. එමෙන්ම 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ දී සුපිරි 8 වටයට පිවිසීමට ද ඇමෙරිකාව සමත් වුණේ ඔහුගේ පුහුණුකාරීත්වය යටතේයි. ලෝක කුසලාන තරගාවලියේ දී ඔවුන් හමුවේ පාකිස්තානය ද පරාජයට පත් වුණා.

ප්‍රධාන පුහුණුකරු ඉවත් කිරීමෙන් පසු සහාය පුහුණුකරු Vincent Vinay Kumar ඇමෙරිකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...