ශන්තෝ නායකත්වයට සමු දීමට තීරණය කරයි

Date:

තමාට බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වීමට අවශය බව නජ්මුල් හොසේන් ශන්තෝ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.

මේ දිනවල ක්‍රියාත්මක දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියෙන් පසුව තමන්ට නායකත්වයෙන් ඉවත් වීමට අවශ්‍ය බවයි ඔහු සදහන් කර ඇත්තේ.

ඩකාහී දී දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු ටෙස්ට් තරගයෙන් පරාජයට පත් වීමෙන් පසුව ඔහු මේ බව එරට ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරීන් වෙත දැනුම් දී ඇති බව සදහන්.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා මේ වන විට විදෙස්ගතව සිටින බැවින් මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මෙතෙක් සාකච්ඡාවක් සිදු කර නැහැ.

නායකත්වය භාර ගැනීමෙන් පසුව ඔහුගේ පිතිකරණ දක්ෂතා පසුගිය කාලයේ දී පහත වැටීම නායකත්වයෙන් ඉවත් වීමට ඔහු ගත් මෙම තීරණයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය නොවැම්බර් මාසයේ දී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය භාර ගැනීමෙන් පසුව ශන්තෝගේ පිතිකරණ සාමාන්‍ය සටහන්ව ඇත්තේ 25.76 ක් ලෙසයි.

ඔහුගේ නායකත්වය යටතේ බංග්ලාදේශය ටෙස්ට් තරග 9කදී තරග 3ක් ජය ගත් අතර, හයක් පරාජයට පත් වුණා. ඔහුගේ නායකත්වය යටතේ පාකිස්තානයට එරෙහිව ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයක් ලැබීමට බංග්ලාදේශය සමත් වීම කැපී පෙනුණා.

එක්දින තරග 9කදී ද බංග්ලාදේශයට නායකත්වය ලබා දුන් ශන්තෝ එහිදී ද තරග හයක් පරාජයට පත්ව තරග 3ක් ජය ගත්තා. විස්සයි 20 තරගවලදී ඔහුගේ නායකත්වය යටතේ බංග්ලාදේශය ක්‍රීඩා කළ තරග ගණන 24 ක්. එහිදී තරග 10 ක් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...