ඇමෙරිකාවට එරෙහි වූ සුපිරි පිතිකරුවාට වැඩ වරදියි

Date:

ආරෝන් ජෝන්ස් යනු ඇමෙරිකා එක්සත් ජනපද ජාතික කණ්ඩායම ඔස්සේ ලොවක් දැන හදුනාගත් දක්ෂ පිතිකරුවෙක්.

ඇමෙරිකාවේ උප නායකයා ලෙස ද කටයුතු කළ ජෝන්ස් 2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක්වීම හේතුවෙන් ඔහුට බොහෝ දෙනාගේ අවධානය ද හිමි වුණා.

ඒ අනුව 2024 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව ආරෝන් ජෝන්ස්ට හිමි වූ අතර, CPL තරගාවලියේ දී ඔහු නියෝජනය කළේ ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායමයි.

කෙසේ වෙතත්, ඔහුව අද(26) ඇමෙරිකාවේදී ආරම්භ වූ ICC Men’s Cricket World Cup League 2 තුන්කොන් තරගාවලිය සදහා වන ඇමෙරිකා සංචිතයට ඇතුළත් කර නොතිබීම විශේෂත්වයක්.

ඔහු නොමැතිව නිමා වූ නැමීබියා තරග සංචාරයට එක් වූ ඇමෙරිකා සංචිතයම මෙම තරගාවලිය සදහා ද නම් කිරීමටයි ඇමෙරිකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

CPL තරගාවලිය හේතුවෙන් ඔහු සිය ජාතික කණ්ඩායම සමග නැමීබියා තරග සංචාරය සදහා එක් වූයේ නැහැ. ඔහු ඇමෙරිකාවට ක්‍රීඩා කිරීම පසෙකලා ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට පියවර ගත්තේ ඇමෙරිකා ක්‍රිකට් ආයතනය සිදු කළ අනතුරු ඇගවීම්ද ඉවත දමමින්.

ආරෝන් ජෝන්ස් CPL තරගාවලිය සදහා දේශීය ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට තීරණය කළ බැවින් ඔහුට ඇමෙරිකා ක්‍රිකට් ආයතනයේ අවසරයක් (NOC) තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා අවශ්‍ය වූයේ ද නැහැ.

කෙසේ වෙතත්, මෙලෙස ඔහු CPL තරගාවලියට ක්‍රීඩා කිරීමට ගත් තීරණය හේතුවෙන් ඔහුට මේ වන විට ජාතික එක්දින කණ්ඩායමේ දොරටු වසා දැමීමට ඇමෙරිකා ක්‍රිකට් තෙරීම් කමිටුව තීරණය කර ඇති බවක් දක්නට ලැබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...