Watch : අවසන් පූර්ව තරගයේදී දුෂාන් බිද හෙලූ කඩුලු 4

Date:

ඕමානයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී ද විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 4 ක් දවා ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත අද(25) සමත් වුණා.

මෙම අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ පාකිස්තාන ශහීන්ස් කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 135 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

එහිදී දුෂාන් හේමන්ත කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 21 ක් පමණක් ලබා දෙමින්. (දර්ශන පහතින්)

මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන්නේ ද ඔහුයි. දුෂාන් මෙවර තරගාවලියේ දී තරග 4ක් තුළ දී දවා ගෙන ඇති කඩුලු ගණන 14 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...