පාකිස්තාන ශහීන්ස් පරදා ශ්‍රී ලංකා A කණ්ඩායම අවසන් මහා තරගයට

Date:

ඕමානයේ පැවැත්වෙන නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන ශහීන්ස් කණ්ඩායම පරදා කඩුලු හතක ජයක් වාර්තා කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 135 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

හුදෙකලා සටනක නිරත වූ ආරම්භක පිතිකරු Omair Yousuf පන්දු 46 කින් ලකුණු 68 ක් ලබා ගත්තේ හයේ පහර 4 ක් හා හතරේ පහර 5ක් සමගින්.

යළිත් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ දුෂාන් හේමන්ත කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 21 ක් ලබා දෙමින්. මේ වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන්නේ ද ඔහුයි. දුෂාන් මෙවර තරගාවලියේ දී තරග 4ක් තුළ දී දවා ගෙන ඇති කඩුලු ගණන 14 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායම පන්දුවාර 16.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 137 ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

යශෝද ලංකා ලකුණු 11 කට දැවී ගියේ පන්දු රකින්නන්ට බාධා කිරීමේ වරදට හසු වීම හේතුවෙනුයි. ලහිරු උදාර පන්දු 20 කින් ලකුණු 43 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් සමගින්. නායක නුවනිදු ප්‍රනාන්දු ලකුණු 9කට දැවී ගියා.

අහන් වික්‍රමසිංහ පන්දු 46 කින් නොදැවී ලකුණු 52 ක් ලබා ගත් අතර, සහන් ආරච්චිගේ නොදැවී ලකුණු 17 යි. අහන්ගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 4 ක් ඇතුළත් වුණා.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය අද රාත්‍රියේ පැවැත්වෙන්නේ ඉන්දීය A කණ්ඩායම හා ඇෆ්ඝනිස්ථාන A කණ්ඩායම අතරයි. තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 27 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...