සැන්ට්නර් හා ලේතම් නවසීලන්තය ඓතිහාසික තරගාවලි ජයක් අභියසට රැගෙන යයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අද(25) පූනේහී දී නිමා වුණේ තරගයේ ජය හා තරගාවලියේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු නවසීලන්තය වෙත නතු කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු  5 ක් දැවී ලකුණු 198 ක් ලබා සිටි අතර, ඒ අනුව නවසීලන්තය මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 301 ක්.

නායක ටොම් ලේතම් ලකුණු 86 ක් ලබා ගත් අතර, ඩෙවොන් කොන්වේ ලකුණු 17කටත්, විල් යන්ග් ලකුණු 23 කටත්, රචින් රවීන්ද්‍ර ලකුණු 9කටත්, ඩැරල් මිචෙල් ලකුණු 18 කටත් දැවී ගියා.

ටොම් බ්ලන්ඩල් නොදැවී ලකුණු 30 ක් හා ග්ලේන් පිලිප්ස් නොදැවී ලකුණු 9ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් ලකුණු 56 කට කඩුලු 4 ක් දවා ගත්තා. ඔහු පළමු ඉනිමේ දී ද කඩුලු හතක් බිද හෙලුවා.

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 16 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 156 ක් පමණයි. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 259 ට පිළිතුරු ලෙසයි.

රවීන්ද්‍ර ජඩේජා ලකුණු 38 ක් රැස් කළ අතර, යශස්වි ජයිස්වාල් හා ෂුබ්මන් ගිල් ලකුණු 30 බැගින් ලබා ගත්තා. වොෂින්ටන් සුන්දර් (නොදැවී) හා රිෂාබ් පාන්ට් ලකුණු 18 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී මිචෙල් සැන්ට්නර් ලකුණු 53 කට කඩුලු 7 ක් දවා ගනිමින් ඉන්දීය ඉනිම සුනුවිසුණු කිරීමට සමත් වුණා.

දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය නවසීලන්තය ජය ගත් අතර, ඒ අනුව තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය ජය ගනිමින් ඉන්දියාවේ දී පළමු වරට ටෙස්ට් තරගාවලියක් ජය ගැනීම සදහා නවසීලන්තයට මේ වන විට අනගි අවස්ථාවක් උදා වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...