Watch : 52/2 සිටි බටහිර ඔස්ට්‍රේලියාව 53/10 වූ හැටි – එක් ලකුණක් තුළ කඩුලු 8ක් දැවී යයි

Date:

ඔස්ට්‍රේලියානු අන්තර් ප්‍රාන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයේ දී එක් ලකුණක් තුළ කඩුලු අටක් දවා ගනිමින් බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 53 කට සීමා කිරීමට තස්මේනියා කණ්ඩායම අද(25) සමත් වුණා.

පර්ත්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ තස්මේනියා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බටහිර ඕස්ට්‍රේලියා කණ්ඩායම එක් අවස්ථාවක පන්දුවාර 15.3 ක් අවසානයේ දී කඩුලු දෙකක් දැවී ලකුණු 52 ක් ලබා සිටියා.

කෙසේ වෙතත්, අනතුරුව යොමු කෙරුණු පන්දු 29 (වයිඩ් පන්දුවක් ද සමග) තුළ දී බටහිර ඔස්ට්‍රේලියානු පිලේ ඉතිරි කඩුලු අටම එක් ලකුණක් තුළ (වයිඩ් ලකුණ පමණයි) බිද වැටීම කැපී පෙනුණා. එහිදී ඔවුන්ට පිත්තෙන් කිසිදු ලකුණක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

ආරම්භක පිතිකරුවන් වූ Aaron Hardie ලකුණු 7ක් හා D’Arcy Short ලකුණු 22 ක් රැස් කළ අතර, අංක 3 පිතිකරු වූ Cameron Bancroft ලකුණු 14 ක් හා අංක 4 පිතිකරු වූ Josh Inglis එක් ලකුණක් ලබා ගත්තා.

ඉන් අනතුරුව පිටියට පිවිසි කිසිදු පිතිකරුවෙකුට එක් ලකුණක් හෝ ලබා ගැනීමට තස්මේනියා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව නායක Ashton Turner, Cooper Connolly, Hilton Cartwright, Ashton Agar, Jhye Richardson, Joel Paris යන පිතිකරුවන් ලකුණු නොලබා දැවී ගියා. Lance Morris කිසිදු ලකුණක් නොලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියා.

පන්දු යැවීමේ දී Beau Webster ලකුණු 17 කට කඩුල හයක් දවා ගත් අතර, Billy Stanlake ලකුණු 12 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ තස්මේනියාව පන්දුවාර 8.3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණූ 55 ක් ලබා ජය තහවුරු කර ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...