ශ්‍රී ලංකා – පාකිස්තාන අවසන් පූර්ව ගැටුම අද

Date:

නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද(25) පැවැත්වෙනවා.

පළමු අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන ශහීන්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 2:30 ට ඕමානයේ Al Amerat හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ඉන්දීය A කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම අතර අද රාත්‍රී 7:00 ට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මූලික වටයේ දී ශ්‍රී ලංකාව තරග තුනකින් තරග දෙකක් ජය ගනිමින් A කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගත් අතර, ඇෆ්ඝනිස්ථානය ද තරග තුනක් ක්‍රීඩා කර ඉන් තරග දෙකක් ජය ගනිමින් දෙවැනි ස්ථානය දිනා ගත්තා.

තරග තුනම ජය ගත් ඉන්දියාව B කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගත් අතර, තරග දෙකක් ජය ගත් පාකිස්තානය දෙවැනි ස්ථානයට පත් වුණා.

තරගාවලියේ අවසන් මහා තරගය එළඹෙන 27 වැනිදා පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...