සුන්දර්ගේ කඩුලු 7 හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව ඉන්දියාවට

Date:

ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක වොෂින්ටන් සුන්දර්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අද(24) පූනේහීදී නිමා වුණේ දිනයේ වැඩි ගෞරව ඉන්දියාවට හිමි කර දෙමින්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 259 ක් රැස් කළ අතර, දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 16 ක් ලබා සිටියා. ඒ අනුව ඉන්දියාව මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 243 ක්.

පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය වෙනුවෙන් ඩෙවෝන් කොන්වේ ලකුණු 76 ක්, රචින් රවීන්ද්‍ර ලකුණු 65 ක් හා මිචෙල් සැන්ට්නර් ලකුණු 33 ක් රැස් කළා. විල් යන්ග් හා ඩැරල් මිචෙල් ලකුණු 18 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් ලකුණු 59 කට කඩුලු 7ක් දවා ගත් අතර, ආර් අශ්වින් ලකුණු 64 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ඉන්දීය පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස රෝහිත් ෂර්මා ලකුණු බින්දුවකට දැවී ගියේ ටිම් සවුතිගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්. යශස්වි ජයිස්වාල් ලකුණු 6 ක් හා ෂුබ්මන් ගිල් ලකුණු 10 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...