රබාඩාගේ කඩුලු 9 හමුවේ දකුණු අප්‍රිකාව 2014 න් පසු ආසියාවේ දී පළමු ටෙස්ට් ජය ලබයි

Date:

බංග්ලාදේශය සමග මීර්පූර්හි පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කරමින් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අද (24) නිමා වුණා.

තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 283 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 307 ක් රැස් කළේ තරගය ජය ගැනීම සදහා දකුණු අප්‍රිකාවට දෙවැනි ඉනිමේ දී ලකුණු 106 ක ඉලක්කයක් හිමි කර දෙමින්.

දකුණු අප්‍රිකාව පන්දුවාර 22 ක් තුළ කඩුලු 3ක් දැවී ලකුණු 106 ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා. කාගිසෝ රබාඩා මෙම තරගයේ දී කඩුලු ගණන 9 ක් දවා ගනිමින් දකුණු අප්‍රිකාවට ජයග්‍රහනයේ මාවත විවර කර දුන්නා.

මෙය වසර 10 කට පසුව දකුණු අප්‍රිකා කණ්ඩායම ආසියාවේ දී ලැබූ පළමු ටෙස්ට් ජයග්‍රහනය වීම ද විශේෂත්වයක්. ඔවුන් අවසන් වරට ආසියාවේ දී ටෙස්ට් ජයක් ලබා තිබුණේ 2014 වසරේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේ පැවැති ටෙස්ට් තරගයේදීයි. අනතුරුව ටෙස්ට් තරග 15ක් ක්‍රීඩා කර අවසන් වන තුරු ඔවුන්ට ආසියාවේ දී ටෙස්ට් ජයක් ලැබීමට හැකි වූයේ නැහැ.

දකුණු අප්‍රිකාවට ජයග්‍රහනය තහවුරු කර දුන් ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 30 ක් රැස් කළ අතර, ටෝනි ද සෝර්සි ලකුණු 41 යි. ඒඩ්න් මාක්‍රම් ලකුණු 20 කට දැවී ගියා. පන්දු යැවීමේ දී දැවී ගිය කඩුලු තුනම දවා ගත්තේ තයිජුල් ඉස්ලාම් විසිනුයි. ඔහු පළමු ඉනිමේ දී ද කඩුලු 5 ක් දවා ගත්තා.

අද දිනය ආරම්භයේ දී සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය වෙනුවෙන් සටන්කාමී පිතිහරඹයක නිරත වෙමින් සිටි මෙහිදි හසාන් මිරාස් ඉනිමේ අවසත් කඩුල්ල ලෙස ලකුණු 97 ක් ලබා සිටියදී දැවී ගියා. මෙහිදි හසාන් හා ජේකර් අලී එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 138 (245) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නගමිනුයි බංග්ලාදේශය ඉනිමක පරාජයෙන් ගලවා ගැනීමට සමත් වුණේ. ජේකර් අලී ලකුණු 58 කට දැවී ගියා

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා 46 කට කඩුලු හයක් දවා ගත් අතර, කේෂාව් මහරාජ් කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලකුණු 106 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 308 ක්.

තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ පළමු ඉනිමේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ලකුණු 114 ක් ලබා ගත් ක්යල් වෙරෙයන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...