මෙහිදි හා ජේකර් අලීගේ සටන හමුවේ බංග්ලාදේශය ලකුණු 81 ක් ඉදිරියෙන්

Date:

බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව අතර මීර්පූර්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය බංග්ලාදේශය යළි සටනට අවතීර්ණ කරමින් අද (23) නිමා වුණා.

වර්ෂාව හා අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අද දිනයේ දී නියමිත පන්දුවාර සංඛ්‍යාව යවා නිමා කිරීමට නොහැකි වූ අතර, දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 283 ක් ලබා සිටියා. ඒ අනුව බංග්ලාදේශය මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 81 ක්.

දිනය ආරම්භ කරන විට බංග්ලාදේශය කඩුලු 3 ක් දැවී ලකුණු 101 ක් ලබා සිටියා. ඒ අනුව දෙවැනි ඉනිමේ දී ලකුණු 101 ක් පිටුපසින් සිටිමින් අද දිනය ආරම්භ කළ බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස මහ්මුදුල් හාසන් ජෝයි ලකුණු 40කට දැවී ගිය අතර, මුෂ්ෆිකර් රහීම් ලබා ගත්තේ ලකුණු 33 ක් පමණයි.

ලිටොන් දාස් 6 වැනි කඩුල්ල ලෙස ලකුණු 7කට දැවී යන විට බංග්ලාදේශ ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 112 ක් ලෙසයි. අනතුරුව මෙහිදි හසාන් මිරාස් හා ජේකර් අලී එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 138 (245) ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් බංග්ලාදේශය යළි සටනට අවතීර්ණ කළා.

ජේකර් අලී ලකුණු 58 කට දැවී ගිය අතර, මෙහිදි හසාන් නොදැවී ලකුණු 87 ක් ලබා සටන්කාමී ඉනිමක් දියත් කරමින් සිටිනවා. නයීම් හසාන් නොදැවී ලකුණු 16 යි.

පන්දු යැවීමේ දී කාගිසෝ රබාඩා කඩුලු 4 ක් හා කේෂාව් මහරාජ් කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලකුණු 106 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු සංඛ්‍යාව 308 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...