58 ට කඩුලු 8ක් දැවී ගිය කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට 190 ක ඉලක්කයක්

Date:

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ජය ගනිමින් තරගාවලියේ ජය තහවුරු කර ගැනීම සදහා ශ්‍රී ලංකාවට ලකුණු 190 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, වර්ෂාව හේතුවෙන් පන්දුවාර 44 කට සීමා කරමින් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිමේ සියලු පිතිකරුවන් පන්දුවාර 36 ක් අවසානයේ ලකුණු 189 කට දැවී යාමත් සමගයි.

8 වැනි කඩුල්ල ලකුණු 58 දී බිද වැටීමෙන් පසුව ශෙර්ෆේන් රදර්ෆර්ඩ් හා ගුඩකේෂ් මෝති 9 වැනි කඩුල්ලට ලකුණු 119 (115) ක විශීෂ්ඨ සම්බන්ධතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට සමත් වුණා. එය එක්දින ඉතිහාසයේ දී කොදෙව්වන් වෙනුවෙන් 9 වැනි කඩුල්ලට වාර්තා වූ ඉහළම ලකුණු සම්බන්ධතාවයයි.

රදර්ෆර්ඩ් ලකුණු 80(82) ක් රැස් කළ අතර, මෝති නොදැවී ලකුණු 50(61) ක් රැස් කළා. රදර්ෆර්ඩ් ලබා දුන් උඩ පන්දු දෙකක් ශ්‍රී ලංකා පන්දු රකින්නන් අතින් ගිලිහී ගිය අතර, එසේ නොවන්නට කොදෙව්වන් මීට වඩා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව පැවතුණා.

ආරම්භක පිතිකරුවන් වූ Alick Athanaze එක් ලකුණකටත්, බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 16 කටත් දැවී ගියා. ශේයි හෝප් ලකුණු 5කට දැවී ගිය අතර, කේසි කාර්ති ලබා ගත්තේ ලකුණු 6ක් පමණයි. රොස්ටන් චේස් ලකුණු 8කට හා රොමාරියෝ ෂෙපර්ඩ් ලකුණු 4 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 40 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවට මෙම තරගයට කැදවූ මහීෂ් තීක්ෂණ ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තා. අසිත ප්‍රනාන්දු ලකුණු 35 කට බිද හෙලූ කඩුලු ගණන 3ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...