රාසාගේ 133* හමුවේ සිම්බාබ්වේ T20I ක්‍රිකට් ඉතිහාසය වෙනස් කරයි

Date:

පන්දුවාර විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව අලුත් කිරීමට සිම්බාබ්වේ කණ්ඩායම අද(23) සමත් වුණා.

ඒ, T20 ලෝක කුසලාන අප්‍රිකානු උප කලාපීය සුදුසුකම් ලැබීමේ තරඟාවලිය (T20 World Cup Africa Sub Regional Qualifiers) යටතේ ගැම්බියාව සමග පැවැති තරගයේදීයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 344 ක්.

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ සිකන්ඩ රාසා පන්දු 43 කින් නොදැවී ලකුණු 133  ක් ලබා ගැනීම කැපී පෙනුණා. ඔහුගේ ඉනිමට හයේ පහර 15 ක් ඇතුළත්.

මීට පෙර විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කර තිබුණේ නේපාල කණ්ඩායමයි. ඔවුන් 2023 වසරේ දී මොන්ගෝලියාවට එරෙහිව කඩුලු 3 ක් දැවී ලකුණු 314 ක් ලබා තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...