2nd ODI | කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – තරගය පන්දුවාර 44 කට සීමා කෙරේ

Date:

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය පස්වරු 2:30 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද කිරීමට සිදු වුණා.

එක් අවස්ථාවක වර්ෂාව නතර වීම හේතුවෙන් තරගය පන්දුවාර 45 ක තරගයක් ලෙස පස්වරු 4:15 ට ආරම්භ කිරීමට ද සැලසුම් කෙරුණු නමුත්, යළි වර්ෂාව පතිත වීම නිසා යළි තරගයේ ආරම්භය කල් දැමුණා.

ඒ අනුව තරගය පස්වරු 4:30 ට ආරම්භ කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ. ඒ, පන්දුවාර 44 ක තරගයක් ලෙසයි.

අද තරගය සදහා කොදෙව්වන් කිසිදු වෙනස්කමක් සිදු කර නොමැති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කැදවා ඇත්තේ ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවටයි. ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංක මෙම තරගය සදහා ද ක්‍රීඩා කරන්නේ නැහැ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI

N Madushka
A Fernando
Kusal Mendis (wk)
Kamindu Mendis
C Asalanka (c)
S Samarawickrama
J Liyanage
W Hasaranga
D Wellalage
M Theekshana
A Fernando

West Indies XI

Brandon King
Alick Athanaze
Shai Hope (c, wk)
Keacy Carty
Sherfane Rutherford
Roston Chase
Romario Shepherd
Hayden Walsh
Gudakesh Motie
Jayden Seales
Alzarri Joseph

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...