නවතම ICC ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ – ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ඉදිරියට

Date:

නවතම අයි.සී.සී එක්දින හා විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැසක් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති විස්සයි 20 තරගාවලියේ දී හා පළමු එක්දින තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

T20I පිතිකරණ ශ්‍රේණිගත කිරීම්

ඒ අනුව විස්සයි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව පැතුම් නිස්සංක 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. කුසල් මෙන්ඩිස් 12 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 6කින්.

කුසල් පෙරේරා ස්ථාන 17 කින් ඉදිරියට පැමිණෙමින් මේ වන විට 42 වැනි ස්ථානයට පත්ව ඇති අතර, චරිත් අසලංක 39 වන ස්ථානය දක්වා ස්ථාන 3 කින් පසුබැස තිබෙනවා.

කලකට පසු විස්සයි 20 ජාත්‍යන්තර පිටියට පිවිසි භානුක රාජපක්ෂ 73 වැනි ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ස්ථාන 3 කින්. කමිදු මෙන්ඩිස් ද 90 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් පසු බැසීමකට ලක්ව තිබෙනවා.

T20I පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්

මේ අතර, විස්සයි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව තෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා. වනිදු හසරංග ද එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහුට හිමිව ඇත්තේ 6 වැනි ස්ථානයයි.

මතීෂ පතිරණ 53 වැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ඉදිරියට පැමිණ තිබෙනවා. නුවන් තුෂාර ස්ථාන 6කින් පසුබැස ඇති අතර, ඔහු මේ වන විට 77 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්

මේ අතර, නවතම එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව චරිත් අසලංක 12 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, ජනිත් ලියනගේ 60 වැනි ස්ථානය දක්වා ස්ථාන 11 කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

පැතුම් නිස්සංක තවමත් 7 වැනි ස්ථානයේ රැදී සිටින අතර, කුසල් මෙන්ඩිස් 36 වැනි ස්ථානය දක්වා ද(එක් ස්ථානයකින්), සධීර සමරවික්‍රම 47 වැනි ස්ථානය දක්වා ද(ස්ථාන දෙකකින්), අවිශ්ක ප්‍රනාන්දු 63 වැනි ස්ථානය දක්වා ද(ස්ථාන 3කින්) පසුබැස ඇති බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්

මේ අතර, එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ද ඉදිරියට පැමිණීමට වනිදු හසරංගට හැකි වී තිබෙනවා. ඒ අනුව ඔහු 18 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 12 කින්. මහීෂ් තීක්ෂණ තවදුරටත් 13 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

ඩිල්ෂාන් මදුෂංක 35 වැනි ස්ථානයේ පසුවන අතර, දුනිත් වෙල්ලාලගේ 47 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 9කින්.

ජෙෆ්රි වැන්ඩර්සේ ස්ථාන 7 කින් ඉදිරියට පැමිණෙමින් 90 වැනි ස්ථානය දිනා ගෙන තිබෙනවා.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්

මේ අතර, ටෙස්ට් පිතිකරුවන් අතර 10 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු කමිදු මෙන්ඩිස් සමත්ව තිබීම ද විශේෂත්වයක්.

දිමුත් කරුණාරත්න 15 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද, ධනංජය ද සිල්වා 17 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

ටෙස්ට් පන්දු යවන්නන් අතර ප්‍රභාත් ජයසූරිය සම 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ එක් ස්ථානයකින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...