Watch : රහීම්ගේ ඉනි දෙකක් බිමට සමතලා කළ රබාඩාගේ 300 වැනි කඩුල්ල

Date:

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(21) ඩකාහි මීර්පූර් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඔවුන් කඩුලු හයක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 60 ක්.

ශඩ්මන් ඉස්ලාම් ලකුණු නොලබාත්, මොමිනුල් හක් ලකුණු 4කටත්, නජ්මුල් හොසේන් ශන්තෝ ලකුණු 7 කටත්, මුෂ්ෆිකර් රහීම් ලකුණු 11 කටත් දැවී ගියා. ලිටොන් දාස් රැස් කළේ එක් ලකුණක් පමණයි. මෙහිදි හසාන් මිරාස් ලකුණු 13 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී වියාන් මෝල්ඩර් කඩුලු 3 ක් ද, කාගිසෝ රබාඩා කඩුලු දෙකක් ද, කේශාව් මහරාජ් එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

බංග්ලාදේශ ඉනිමේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් කඩුල්ලක් බවට පත් වුණේ රහීම්ගේ කඩුල්ලයි. රබාඩා යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඔහු දැවී ගියා. (දර්ශන පහතින්)

එය රබාඩා බිද හෙලූ සිය 300 වැනි ටෙස්ට් කඩුල්ල වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...