Women’s T20 World Cup : නවසීලන්තය තෙවැනි වරටත් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

Date:

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම අද(18) සමත් වුණා.

ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කොදෙව් ක්‍රීඩිකාවන් පරදා ලකුණු අටක තියුණු ජයක් වාර්තා කරමින්.

නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලැබූ තෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර ඔවුන් 2009 හා 2010 වසරවලදී ද අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ අනුව ඔවුන් පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූවේ වසර 14 කට පසුව වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, නවසීලන්තය හෝ අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන දකුණු අප්‍රිකාව මෙතෙක් පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලානයක් ජය ගෙන නැහැ. ඒ අනුව එළඹෙන ඉරිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී මෙතෙක් ලෝක ශූරතාවය දිනා නොමැති රටක් විසින් ලෝක ශූරතාවය හිමි කර ගැනීමට නියමිතයි.

අද සාජා හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 128 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 120 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...