රවීන්ද්‍රගේ ශතකයෙන් පසු ඉන්දියාව යළි සටනට අවතීර්ණ වෙයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර බැංගලූරුහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(18) නිමා වුණේ ඉන්දීය කණ්ඩායම යළි සටනට අවතීර්ණ කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලකුණු 231 ක් ලබා සිටියා. ඒ, ඉන්දියාව පළමු ඉනිමට රැස් කළ ලකුණු 46 ට පිළිතුරු ලෙස නවසීලන්තය ලබා ගත් ලකුණු 402 ට ප්‍රතිචාර වශයෙන්.

ඉන්දියාව ලකුණු 356 ක් පිටුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, දිනය නිමා වන විට ඔවුන් පිටුපසින් පසු වූ ලකුණු සංඛ්‍යාව 125 ක්.

යශස්වි ජයිස්වාල් ලකුණු 35 ක්, රෝහිත් ෂර්මා ලකුණු 52 ක් හා විරාත් කෝලි ලකුණු 70 ක් රැස් කළා. කෝලි දැවී ගියේ දිනයේ අවසන් පන්දුවේදීයි. සර්ෆරාස් ඛාන් නොදැවී ලකුණු 70යි. පන්දු යැවීමේ දී අජාස් පටෙල් කඩුලු 2 ක් දවා ගත්තා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 402 ක් ලබා ගත්තේ රචින් රවීන්ද්‍ර රැස් කළ ලකුණු 134 න් ශක්තිමත් වෙමින්. ඩෙවෝන් කොන්වේ ලකුණු 91 ක් හා ටිම් සවුති ලකුණු 65 ක් රැස් කළා. සවුති හා රවීන්ද්‍ර අතර 8 වැනි කඩුල්ලට ලකුණු 137 (132) ක සම්බන්ධතාවයක් ගොඩ නැගීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදව් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...