දුෂාන්ගේ කඩුලු හය හා නුවනිදුගේ 51 අපතේ යයි – ඇෆ්ඝනිස්තාන A පිලට තියුණු ජයක්

Date:

දුෂාන් හේමන්තගේ විශිෂ්ඨ පන්දු යැවීම හා නුවනිදු ප්‍රනාන්දුගේ අර්ධ ශතකය අපතේ යවමින් ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම හමුවේ ලකුණු 11ක පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායමට අද(18) සිදු වුණා.

ඕමානයේ Al Amerat හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන A පිල පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 166 ක් ලබා ගනිමින්.

ඉනිමේ පළමු කඩුල්ල 16 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී බිද වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 142 ක් ලෙස සටහන්ව තිබියදීයි.

Sediqullah Atal පන්දු 46 කින් ලකුණු 83 ක් රැස් කළේ හයේ පහර 7 ක් හා හතරේ පහර 2 ක් සමගින්. Zubaid Akbari ලකුණු 57(54) යි.

පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත ලකුණු 23 කට කඩුලු 6 ක් දවා ගැනීම කැපී පෙනුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා A කණ්ඩායමට පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 155 ක් පමණයි.

නායක නුවනිදු ප්‍රනාන්දු පන්දු 32 කින් ලකුණු 51 ක් රැස් කළා. ඒ, හයේ පහරක් හා හතරේ පහර 6 ක් සමගින්. අහන් වික්‍රමසිංහ පන්දු 18 කින් ලකුණු 31 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Faridoon Dawoodzai ලකුණු 40 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Bilal Sami හා AM Ghazanfar කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...