එංගලන්තය ජයග්‍රහනයට ලකුණු 261 ක් පිටුපසින්

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(17) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද බලාපොරොත්තු කණ්ඩායම් දෙකටම විවර කරමින්.

මුල්තාන්හි පැවැත්වෙන තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 297 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු දෙකක් දැවී ලකුණු 36 ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් තරගය ජය ගැනීමට තවත් ලකුණු 261 ක් ලබා ගත යුතුයි.

බෙන් ඩකට් ලකුණු බින්දුවකටත්, සැක් ක්‍රව්ලි ලකුණු 3කටත් දැවී ගියා. නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ඔලී පෝප් ලකුණු 21 ක් හා ජෝ රූට් ලකුණු 12 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. පන්දු යැවීමේ දී සජිඩ් ඛාන් හා නෝමන් අලී කඩුල්ල බැගින් බිද හෙලුවා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 6ක් දැවී ලකුණු 239 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 291 ක්. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 366ට පිළිතුරු ලෙසයි.

බෙන් ඩකට් ලකුණු 114 ක් හා ජෝ රූට් ලකුණු 34 ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී සජිඩ් ඛාන් ලකුණු 111 කට කඩුලු 7ක් දවා ගත්තා.

පිළිතුරු ලෙස පාකිස්තානය සිය දෙවැනි ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 221 ක්. සල්මන් ආගා ලකුණු 63 ක් රැස් කළ අතර, සවුද් ශකීල් ලකුණු 31 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ශොයිබ් බෂියර් කඩුලු 4 ක් හා ජැක් ලීච් කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...