අනපේක්ෂිත පරාජයක් සමග ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයෙන් ඉවතට – දකුණු අප්‍රිකාව අවසන් තරගයට

Date:

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අද(17) සමත් වුණා.

ඒ, තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කඩුලු අටක අනපේක්ෂිත පරාජයක් උරුම කර දෙමින්.

ඔස්ට්‍රේලියානු කාන්තා පිල අවසන් වරට පැවැති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි හතේම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගෙන තිබුණා. ඔවුන් හය වරක් විස්සයි 20 කාන්තා ලෝක ශූරතාවය ද දිනා ගැනීමට සමත්ව ඇති පසුබිමකයි මෙවර තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමේ අවස්ථාව ඔවුන්ට අහිමි වුණේ.

ඩුබායිහි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් කඩුලු 5 ක් දැවී ලකුණු 134 ක් ලබා ගත්තා.

Beth Mooney ලකුණු 44 ක් රැස් කළ අතර, Ellyse Perry ලකුණු 31 ක් රැස් කළා. පන්දු යැවීමේ දී Ayabonga Khaka ලකුණු 24 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 17.2 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා. (135/2)

Anneke Bosch නොදැවී ලකුණු 74 ක් ලබා ගත්තේ පන්දු 48 කින්.Laura Wolvaardt ලකුණු 42 යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...