හතුරුසිංහට වැඩ තහනම් කළ විනය හේතු දෙක මෙන්න

Date:

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇත්තේ විනය සම්බන්ධයෙන් ඇති වූ ගැටලු දෙකක් පදනම් කර ගනිමින් බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

ඉන් පළමු කරුණ වන්නේ 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ක්‍රීඩකයෙකුට සිදු කළ පහර දීමක් බවයි බංග්ලාදේශ  ක්‍රිකට් ආයතනයේ සභාපති Faruque Ahmed සදහන් කළේ.

අදාළ ක්‍රීඩකයා සිදු කළ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් සිදු කර ඇති අතර, ඉන් අනතුරුවයි ඔහුගේ සේවය අත්හිටුවා ඇත්තේ.

එමෙන්ම ඔහු කොන්ත්‍රාත් ගිවිසුමේ එකග වූ ප්‍රමාණයට වඩා වැඩි නිවාඩු ප්‍රමාණයක් ලබා ගෙන තිබීම ද ඔහුගේ සේවය අත්හිටුවීම සදහා හේතු වී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ සේවය පැය 48 කට අත්හිටුවා ඇති බවත්, ඔහුව සේවයෙන් පහ කිරීමට නියමිතව ඇති බවත් සදහන්.

2025 අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලිය දක්වා බංග්ලාදේශ කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රීඩක Phil Simmons පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස දෙවැනි වරටත් පත් කරනු ලැබුවේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...