කමින්ස්ගේ නායකත්වයෙන් ඔස්ට්‍රේලියානු එක්දින සංචිතය නම් කෙරේ – මාර්ෂ්ට හා හෙඩ්ට පීතෘ නිවාඩු

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

පැට් කමින්ස් ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකයා ලෙස නම් කර ඇති අතර, පීතෘ නිවාඩු ලබා ගැනීම හේතුවෙන් මිචෙල් මාෂ් හා ට්‍රැවිස් හෙඩ් මෙම තරගාවලියට එක්වන්නේ නැහැ.

වේග පන්දු යවන්නන් වන මිචෙල් ස්ටක් හා ජොෂ් හේසල්වුඩ් ද සංචිතයට ඇතුළත්. 2023 ලෝක කුසලානයෙන් පසුව මෙතෙක් එක්දින තරගයක් ක්‍රීඩා කර නොමැති මර්කස් ස්ටොයිනිස් යළි සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඇලෙක්ස් කෙරී සංචිතයට නම් කර නොමැති අතර, එංගලන්තයේ දී එක්දින ජාත්‍යන්තර වරම් හිමි කර ගත් Cooper Connolly සංචිතයේ සිය ස්ථානය රැක ගෙන තිබෙනවා.

හෙඩ් හා මාෂ් සංචිතයට ඇතුළත්ව නොමැති බැවින් මෙම තරගාවලියේ දී ආරම්භක පිතිකරුවන් ලෙස මැතිව් ශෝර්ට් හා ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක් කටයුතු කරනු ඇති.

මේ අතර, කැමරන් ග්‍රීන් පිට කොන්ද ආශ්‍රිත ශල්‍යකර්මයකට මුහුණ දීමට නියමිතව සිටින බැවින් ඔහුට මෙවර ගිම්හාන තරග වාරයම අහිමි වී තිබෙනවා.

තරග 3කින් යුත් ඔස්ට්‍රේලියා – පාකිස්තාන එක්දින තරගාවලිය නොවැම්බර් 4 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනවා. විස්සයි 20 තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය මෙතෙක් නම් කර නැහැ.

Australia ODI squad vs Pakistan

Pat Cummins (c), Sean Abbott, Cooper Connolly, Jake Fraser-McGurk, Aaron Hardie, Josh Hazlewood, Josh Inglis, Marnus Labuschagne, Glenn Maxwell, Matthew Short, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Adam Zampa

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...