“ආයේ එහෙම කරන්න එපා” මහේලගෙන් ඩී කොක්ගේ ඇදුමට අනතුරු ඇගවීමක්

Date:

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මෙවර තරගාවලිය යටතේ සහභාගී වූ 8 වැනි තරගය පසුගිය 16 වනදා නිමා වුණේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක ජයක් හිමි කර දෙමින්.

මෙම තරගයේ දී මුම්බායි ඉනිම වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ක්වෙන්ටන් ඩී කොක් නොදැවී ලකුණු 78ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

තරගයෙන් අනතුරුව අදහස් දැක් වූ ඔහු සදහන් කළේ ප්‍රධාන පුහුණුකරු මහේල ජයවර්ධන තම පිතිකරණ දක්ෂතා වැඩිදියුණු කර ගැනීම සදහා වැඩි උපකාරයක් දැක් වූ බවයි.

දිල්ලි කැපිටල්ස් පිලට එරෙහිව පැවැති තරගයේ දී ද ක්වෙන්ටන් ඩී කොක් අර්ධ ශතකයක් වාර්තා කළ නමුත්, මුම්බායි කණ්ඩායම තරගය ජයග්‍රහනය කරන තුරු නොදැවී පන්දුවට පහර දීමට ඔහුට හැකියාව ලැබුණේ නැහැ.

තරගයෙන් පසුව මහේල ජයවර්ධන සමග තමා පිතිකරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, එය තම පිතිකරණ හැකියාව වැඩි දියුණු කර ගැනීමට හේතු වූ බවත්, ඩී කොක් කියා සිටියා.

මෙලෙස මහේල ජයවර්ධන සම්බන්ධයෙන් ක්වෙන්ටන් ඩී කොක් තරගයෙන් පසුව යහපත් ආකල්පයකින් අදහස් දක්වා සිටිය ද මහේල ජයවර්ධනනම් ඔහු සම්බන්ධයෙන් එතරම් සතුටුදායක බවක් තරගයෙන් අනතුරුව පෙන්නුම් කළේ නැහැ.

ඒ, ක්වෙන්ටන් ඩී කොක් එම තරගය සදහා සැරසුණු ඇදුම පුහුණුවීම් සදහා ලැබී තිබූ ඇදුම වන බැවින්.

තරගයෙන් පසුව ක්‍රීඩක විවේකාගාරයේ දී අදහස් දැක් වූ මහේල කියා සිටියේ ඩී කොක්ගේ ඇදුම හැරුණු විට තරගයේ සියලු දේ හොදින් සිදු වූ බවයි.

යළි මෙලෙස තරගයක දී හැසිරීමෙන් වළකින ලෙසට ද මහේල මෙහිදී ක්වෙන්ටන් ඩී කොක්ට කියා සිටියා.

ඊට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...