කොල්කටාවට සුපිරි පන්දුවාරයේ ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 35 වන තරගයෙන් සුපිරි පන්දුවාරයේ ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

අබුඩාබි හී දී පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තා.

ෂුබ්මන් ගිල් ලකුණු 36ක් සහ නායක ඔයින් මෝර්ගන් ලකුණු 34ක් රැස් කරමින් ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී හයිදරාබාද් පිල වෙනුවෙන් ලකුණු 40කට කඩුලු දෙකක් බිද හෙලීමට ටී නටරාජන් සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායම ද පන්දුවාර 20 තුළ දී කඩුලු 6ක් දැවී ලබා ගත්තේ ලකුණු 163ක් පමණයි.

නායක ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 47ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහනය අසලටම රැගෙන යාමට සමත් වුවත්, ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට හයිදරාබාද් පිලට හැකි වූයේ නැහැ.

ඉනිමේ අවසන් පන්දුවාරයට ජයග්‍රහනය සදහා සන්රයිසස් හයිදරාබාද් පිලට ලකුණු 18ක් අවශ්‍ය වූ නමුත් තරගය ජය ගැනීමට අවසන් පන්දුවට අවශ්‍ය වූයේ ලකුණු දෙකක් පමණයි.

ඩේවිඩ් වෝනර් එම පන්දුවට මුහුණ දුන් අතර, ඔහු එම පන්දුවට රැස් කළේ එක් ලකුණක් පමණයි.

පන්දු යැවීමේ දී ලුකී ෆර්ගියුසන් ලකුණු 15ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් බිද හෙලුවා.

අනතුරුව ලබා දුන් සුපිරි පන්දුවාරයේ දී පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට පන්දු 3කදී කඩුලු දෙකම දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි. (සුපිරි පන්දුවාරයේ දර්ශන සදහා මෙතන ක්ලික් කරන්න)

එම පන්දුවාරය ද යොමු කළේ ලුකී ෆර්ගියුසන් විසින්.

පිළිතුරු ලෙස කොල්කටා කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ සුපිරි පන්දුවාරයේ සිව්වන පන්දුවේ දී යි.

මෙම ජයග්‍රහනයත් සමග කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 10ක් සමගින් තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේම පසුවන අතර, හයිදරාබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු 6ක් සමගින් 5 වැනි ස්ථානයේ පසුවනවා.

(සුපිරි පන්දුවාරයේ දර්ශන සදහා මෙතන ක්ලික් කරන්න)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...