සුපිරි පන්දුවාරයත් සම වෙයි – දෙවැනි සුපිරි පන්දුවාරයෙන් පංජාබයට ජය – Match Report

Date:

20යි 20 ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨතම තරගයක අත්දැකීම ප්‍රේක්ෂකයින්ට උරුම කරමින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 36 වන තරගය මෙරට වේලාවෙන් අද අලුයම අවසන් වුණේ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට ජය හිමි කර දෙමින්.

ඩුබායිහි පැවැති තරගයේ දී ඔවුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව ජය වාර්තා කළේ දෙවැනි සුපිරි පන්දුවාරයේ දී වීම විශේෂත්වයක්.

මෙම තරගයේ දී කණ්ඩායම් දෙකම කඩුලු 6ක් දැවී ගොස් ලකුණු 176 බැගින් රැස් කළා.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි පිල වෙනුවෙන් ක්වෙන්ටන් ඩි කොක් ලකුණු 53ක් සහ හර්ඩික් පාන්ඩ්යා ලකුණු 34ක් ලබා ගත්තා.

කිරන් පොලාඩ් පන්දු 12කින් නොදැවී ලකුණු 34ක් ලබා ගත්තේ හයේ පහර 4ක් ද සමගින්.

පන්දු යැවීමේ දී මොහොමඩ් ෂාමි සහ අර්ෂ්දීප් සිං කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වුණා.

පිළිතුරු ඉනිමේ දී පංජාබ් කණ්ඩායම වෙනුවෙන් පන්දු 51කින් ලකුණු 77ක් රැස් කිරීමට නායක කේ.එල් රාහුල් සමත් වූ අතර, ක්‍රිස් ගේල් සහ නිකලස් පූරාන් ලකුණු 24 බැගින් රැස් කළා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 24කට කඩුලු 3 ක් බිද හෙලුවා.

ලකුණු සම වීම හේතුවෙන් ලබා දුන් සුපිරි පන්දුවාරය ද සම වූයේ කණ්ඩායම් දෙකම ලකුණු 5 බැගින් රැස් කිරීම හේතුවෙන්.

අනතුරුව ජයග්‍රාහකයා තේරීම සදහා තවත් සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වූ අතර, එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 11ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම කිසිදු කඩුල්ලක් නොදැවී පන්දු 4කින් ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

(සුපිර පන්දුවාර දෙකේ දර්ශන නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න)

මුම්බායි 176/6 (20), පංජාබ් 176/6 (20)

1 වැනි සුපිරි පන්දුවාරය – පංජාබ් 5/2, මුම්බායි 5/1

2 වැනි සුපිරි පන්දුවාර – මුම්බායි 11/1, පංජාබ් 15/0 (0.4)

ඊයේ(18) දිනයේ පැවැති පළමු තරගය ද නිමා වුණේ සුපිරි පන්දුවාරයකින් වීම විශේෂත්වයක්.

එහිදී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ජය වාර්තා කළේ සන්රයිසස් හයිදරාබාද් පිලට එරෙහිවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...