තරග හතරම පරාජයට පත් වෙමින් ශ්‍රී ලංකාව ලෝක කුසලාන ගමන අවසන් කරයි

Date:

2024 පන්දුවාර විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ මූලික වටයේ දී තමන් ක්‍රීඩා කළ තරග හතරම පරාජයෙන් අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සිදු වුණා.

ඒ, අද(12) පැවැති තරගාවලියේ 15 වැනි තරගයෙන් ද නවසීලන්තය හමුවේ කඩුලු අටක පරාජයක් ලැබීම හේතුවෙන්.

සාජාහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 5 ක් දැවී ලකුණු 115 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා. ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දී ලකුණු 100 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

විශ්මි ගුණරත්න ලකුණු 8කට දැවී ගිය අතර, චමරි අතපත්තු ලකුණු 35(41) ක් රැස් කළා. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 18(29) යි.

කවීෂා දිල්හාරි ලකුණු 10 කටත්, අනුෂ්කා සංජීවනී ලකුණු 5කටත් දැවී ගිය අතර, නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 14 ක් හා අමා කාංචනා නොදැවී ලකුණු 10 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Leigh Kasperek ලකුණු 27 කට කඩුලු දෙකක් හා Amelia Kerr ලකුණු 13 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 17.3 ක් අවසානයේ කඩුලු දෙකක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

Georgia Plimmer ලකුණු 53(44) ක් ලබා ගත් අතර, Amelia Kerr ලකුණු 34(31) ක් රැස් කළා. පන්දු යැවීමේ දී සචිනි නිසංසලා හා චමරි අතපත්තු කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...