ටෙස්ට් රටක් T20I තරගයක වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ඉන්දියාවට

Date:

විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා කළ සිය ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(12) සමත් වුණා. ඒ, බංග්ලාදේශයට එරෙහිව හයිදරාබාද්හී දී පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී යි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 297 ක් ලබා ගනිමින්.

එය ටෙස්ට් රටක් විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ද වනවා. මීට පෙර 2019 වසරේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අයර්ලන්තයට එරෙහිව කඩුලු 3 ක් දැවී ලකුණු 278 ක් වාර්තා කරමින් විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී ටෙස්ට් කණ්ඩායමක් වාර්තා කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කර තිබුණා.

එමෙන්ම විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ද ඉන්දියාව අද රැස් කළ ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර නේපාල කණ්ඩායම 2023 වසරේ දී මොන්ගෝලියාවට එරෙහිව කඩුලු 3 ක් දැවී ලකුණු 314 ක් ලබා ගත් අතර, විස්සයි 20 ජාත්‍යන්තර තරගයකදී කණ්ඩායමක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ ලෝක වාර්තාව වන්නේ එම ලකුණු සංඛ්‍යාවයි.

ඉන්දීය ඉනිම වෙනුවෙන් සංජු සැම්සන් පන්දු 47 කින් ලකුණු 111 ක් ලබා ගත්තේ හයේ පහර 8 ක් හා හතරේ පහර 11 ක් සමගින්. එය ඔහුගේ මංගල විස්සයි 20 ජාත්‍යන්තර ශතකයයි.

සූර්යකුමාර් යාදව් පන්දු 35 කින් ලකුණු 75 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 8 ක් සමගින්. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 173 (පන්දු 70) ක්.

හර්ඩික් පාන්ඩ්යා ලකුණු 47(18) ක් හා රියාන් පරාග් ලකුණු 34(13) ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...