ටෙම්බා බවුමාට පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

වම් අතෙහි සිදුව ඇති ආබාධයක් හේතුවෙන් දකුණු අප්‍රිකා පිතිකරු ටෙම්බා බවුමාට බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව ඔක්තෝබර් 21 වැනිදා ඩකා හී දී ආරම්භ වන පළමු ටෙස්ට් තරගයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ ඒඩ්න් මාක්‍රම්ටයි.

ආබාධයක් හේතුවෙන් නන්ඩ්‍රි බර්ගර්ට ද මෙම ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීමට මීට පෙර සිදු වුණා.

ඒ අනුව ඩිවාල්ඩ් බ්‍රේවිස් හා ලුන්ගි එන්ගිඩී ටෙස්ට් සංචිතයට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පළමු තරගයට ක්‍රීඩා නොකළ ද බවුමා දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ඩකා නුවර බලා පිටත්ව යාමට නියමිත අතර, ඔක්තෝබර් 29 වැනිදා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමට ඔහු අපේක්ෂාවෙන් පසුවනවා.

අයර්ලන්තය සමග පැවැති දෙවැනි එක්දින තරගයේදීයි බවුමා මෙම ආබාධයට මුහුණ දුන්නේ. ඒ හේතුවෙන් ඔහුට තෙවැනි එක්දින තරගය ද ක්‍රීඩා කිරීමට නොහැකි වුණා.

South Africa Test squad for Bangladesh tour –

Temba Bavuma (c), David Bedingham, Matthew Breetzke, Dewald Brevis, Tony de Zorzi, Keshav Maharaj, Aiden Markram (capt for first Test), Wiaan Mulder, Senuran Muthusamy, Lungi Ngidi, Dane Paterson, Dane Piedt, Kagiso Rabada, Tristan Stubbs, Ryan Rickelton (wk), Kyle Verreynne (wk)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...