ලෝක වාර්තාවක් අලුත් කරමින් පාකිස්තානයට ඉනිමක හා ලකුණු 47 ක පරාජයක්

Date:

පාකිස්තානය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 47 ක ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද(11) සමත් වුණා.

ඒ අනුව පළමු ඉනිමේ දී ලකුණු 500 කට වඩා රැස් කර තිබියදීත් ඉනිමකින් ටෙස්ට් තරගයක් පරාජයට පත් වූ ටෙස්ට් ඉතිහාසයේ පළමු රට ලෙසයි පාකිස්තානය අද ඉතිහාසයට එක් වුණේ.

මුල්තාන්හි පැවැති තරගයේ අවසන් දිනය වූ අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු හයක් දැවී ලකුණු 152ක් ලබා සිටි අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 220 ක් පමණයි.

සල්මන් ආගා ලකුණු 63 ක් හා ආමිර් ජමාල් නොදැවී ලකුණු 55 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගලවා ගැනීමට දැඩි උත්සාහයක නිරත වූ නමුත්, එය සාර්ථක වූයේ නැහැ.

ඊයේ දිනයේ දී උණ රෝගී තත්ත්වයක් නිසා රෝහල්ගත කෙරුණු අබ්‍රාර් අහ්මඩ් පාකිස්තානය වෙනුවෙන් පන්දුවට පහර දීමට දෙවැනි ඉනිමේ දී පිටියට පිවිසියේ නැහැ.

පන්දු යැවීමේ දී ජැක් ලීච් ලකුණු 30 කට කඩුලු 4 ක් දවා ගත් අතර, ගස් ඇට්කින්සන් හා Brydon Carse කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 556 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය කඩුලු 7 ක් දැවී ලකුණු 823 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

එංගලන්ත ඉනිම වෙනුවෙන් ජෝ රූට් ලකුණු 262 ක් හා හැරී බෘෘක් ලකුණු 317 ක් රැස් කිරීමට සමත් වුණා. ඔවුන් දෙදෙනා සිව්වැනි කඩුල්ලට ගොඩ නැගූ වාර්තාගත සම්බන්ධතාවය ලකුණු 454 (522) ක්.

පාකිස්තානය මේ වන විට සිය රටේ දී ටෙස්ට් තරග ජය ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින අතර, ඔවුන් අවසන් වරට ටෙස්ට් තරගයක් සිය රටේ දී ජය ගෙන ඇත්තේ 2021 වසරේ පෙබරවාරි මාසයේදී වීම විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...