කඩුලු අටක ජයක් සමග කොදෙව්වන් ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැනට

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු ඉහළ මට්ටමක රදවා ගනිමින් තරගාවලියේ 13 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අද(10) සමත් වුණා.

සාජාහී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී ලකුණු 103 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩිකාවන් පන්දුවාර 12.5 ක් පමණක් අවසානයේ කඩුලු 2 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

කොදෙව්වන් වෙනුවෙන් නායිකා Hayley Matthews ලකුණු 34 ක් රැස් කළ අතර, Stafanie Taylor ලකුණු 27 ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ ලකුණු 39 ක් ලබා ගත් නායිකා Nigar Sultana.

පන්දු යැවීමේ දී Karishma Ramharack ලකුණු 17 කට කඩුලු 4 ක් දවා ගත්තා.

මෙම ජයත් සමග B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ද කොදෙව්වන් සමත් වුණා. ඒ, ඔවුන් මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනෙන් තරග 2ක් ජය ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...