නිවසින් ලද අවාසනාවන්ත පුවත හමුවේ පාකිස්තාන නායිකාව ලෝක කුසලානය මැද යළි පාකිස්තානයට

Date:

සිය පියාගේ අභාවය හේතුවෙන් පාකිස්තාන නායිකා Fatima Sana යළි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට කරච්චි නුවර වෙත අද(10) පිටත්ව යාමට නියමිතව ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව 2024 කාන්තා විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ හෙට ඩුබායි හී දී පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවට එරෙහි තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඇයට අහිමි වීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

ඇය වෙනුවට හෙට තරගයේ දී Muneeba Ali පාකිස්තාන කණ්ඩායමේ වැඩබලන නායිකාව ‍ලෙස කටයුතු කරනු ඇති.

මේ වන විට පාකිස්තානය මෙවර තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග දෙකෙන් එක් තරගයක් ජය ගනිමින් A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.

ශ්‍රී ලංකාව සමග පැවැති තරගයෙන් පාකිස්තානයට විශිෂ්ඨ ජයක් හිමි කර දීම වෙනුවෙන් Fatima Sana තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන්නා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...