විලියම්සන්ට ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන්ට අහිමි වී තිබෙනවා.

ඒ, ආබාධයක් හේතුවෙන් ඔහුට නවසීලන්තයේ සිට ඉන්දියාව බලා පිටත්ව යාම ප්‍රමාද කිරීමට සිදුව ඇති බැවින්. නිමා වූ ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේදී යි ඔහු මෙලෙස ආබාධයකට මුහුණ දුන්නේ.

ඔක්තෝබර් 16 වැනිදා බැංගලූරුහී දී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට මාර්ක් චැප්මන් ඇතුළත් කිරීමට පියවර ගත් බව ද නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.

මෙම ටෙස්ට් තරගාවලියේ දී නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ ටොම් ලේතම් විසින්. ඒ, ටෙස්ට් නායකයා ලෙස මෙතෙක් කටයුතු කළ ටිම් සවුති ශ්‍රී ලංකා තරගාවලියේ දී ලැබූ පරාජයෙන් පසුව නායකත්වයෙන් ඉවත් වීමත් සමගයි.

ශ්‍රී ලංකා සංචාරයට එක් වූ සංචිතය හා සැසදීමේ දී වෙනත් වෙනසක් නවසීලන්ත සංචිතයට සිදු කර නැහැ. කෙසේ වෙතත්, මයිකල් බ්‍රේස්වෙල් දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය සදහා පමණක් ක්‍රීඩා කිරීමට සූදානමින් සිටින අතර, අනතුරුව සිය බිරිද ඔවුන්ගේ දෙවැනි දරු උපතට සූදානමින් සිටින බැවින් බ්‍රේස්‌වෙල් යළි නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතව සිටිනවා.

ඔහු වෙනුවට අවසන් තරග දෙක වෙනුවෙන් ඉෂ් සෝදි සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

New Zealand squad for India Tests :

Tom Latham (c), Tom Blundell (wk), Michael Bracewell (1st Test only), Mark Chapman, Devon Conway, Matt Henry, Daryl Mitchell, Will O’Rourke, Ajaz Patel, Glenn Phillips, Rachin Ravindra, Mitchell Santner, Ben Sears, Ish Sodhi (2nd and 3rd Test only), Tim Southee, Kane Williamson, Will Young

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...