කාන්තා T20 ලෝක කුසලානයේ ඉන්දු-ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද ; ඔස්ට්‍රේලියාවටත් දැවැන්ත ජයක්

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන තීරණාත්මක තරගයක් අද (9) පැවැත්වෙනවා.

තරගාවලියේ 12 වැනි තරගයේ දී එළෙසින් ශ්‍රී ලංකාව තරග බිමට පිවිසෙන්නේ ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිවයි. තරගය ඩුබායිහී දී රාත්‍රී 7:30 ට ආරම්භ වනවා.

තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සම්බන්ධයෙන් යම් බලාපොරොත්තුවක් තබා ගැනීමටනම් ශ්‍රී ලංකාවට අද තරගයේ ජය අනිවාර්යය වනවා.

තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ඔවුන් පාකිස්තානය හමුවේ පරාජයට පත් වූ අතර, අනතුරුව ඔස්ට්‍රේලියාව හමුවේ ද ශ්‍රී ලංකාවට පරාජයට පත් වීමට සිදු වුණා.

ඒ අනුව ක්‍රීඩා කළ තරග දෙකම එලෙස පරාජයට පත්ව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ A කාණ්ඩයේ මේ වන විට රැදී සිටින්නේ අවසන් ස්ථානයේයි.

මූලික වටය යටතේ අද පැවැත්වෙන තරගයට අමතරව ශ්‍රී ලංකාවට ඉදිරියේ දී නවසීලන්තය සමග ද තරග වැදීමට සිදු වනවා. මේ වන විට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා ශ්‍රී ලංකාවට සීමිත අවස්ථාවක් පමණක් ඇති අතර, ඉදිරි තරග දෙකම ශ්‍රී ලංකාව ජයගතහොත් අනෙකුත් රටවල් ක්‍රීඩා කරන තරගවල ප්‍රතිපල මත ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා යම් අවස්ථාවක් උදා විය හැකියි.

මේ අතර, ඉන්දියාව ඔවුන් ක්‍රීඩා කළ තරග දෙකෙන් එක් තරගයක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැදී සිටිනවා. ඉන්දියාව මුහුණ දුන් පළමු තරගයේ දී ඔවුන් නවසීලන්තය හමුවේ දරුණු පරාජයකට මුහුණ දුන් නමුත්, පසුව පැවැති පාකිස්තානයට එරෙහි තරගයෙන් ඉන්දියාව ජය වාර්තා කළා.

තරගාවලියේ 11 වැනි තරගය ද අද ඩුබායිහී දී පැවැත්වීමට නියමිතයි. දකුණු අප්‍රිකාව හා ස්කොට්ලන්තය අතර පැවැත්වෙන එම තරගය පස්වරු 3:30 ට ආරම්භවනවා.

මේ අතර, තරගාවලියේ 10 වැනි තරගය ඊයේ රාත්‍රියේ පැවැති අතර, එම තරගයෙන් නවසීලන්තය පරදා ලකුණු 60 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් වුණා.

සාජා හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු 8 ක් දැවී ලකුණු 148 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයට පන්දුවාර 19.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 88 ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...