විවාහය නිසා ඔලී ස්ටෝන් පාකිස්තාන සංචාරය අතරතුර යළි එංගලන්තයට

Date:

මේ දිනවල එංගලන්ත කණ්ඩායම සිදු කරන පාකිස්තාන තරග සංචාරයට එක්ව සිටින එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ඔලී ස්ටෝන් බදාදා (9) දිනයේ දී යළි එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ, මෙම සති අන්තයේ දී පැවැත්වෙන ඔහුගේ මංගල උත්සවය හේතුවෙන්.

පාකිස්තාන – එංගලන්ත පළමු ටෙස්ට් තරගය සදුදා මුල්තාන්හී දී ආරම්භ වූ අතර, එම තරගයට ඔලී ස්ටෝන් ඇතුළත්ව නැහැ.

ස්ටෝන් යළි පාකිස්තානයට පැමිණෙන දිනයක් මෙතෙක් වාර්තා නොවන අතර, ඔහුට බොහෝ දුරට දෙවැනි ටෙස්ට් තරගයට පෙර යළි එරටට පැමිණීමට නොහැකි වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ශ්‍රී ලංකාව සමග නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී තරග දෙකක් ක්‍රීඩා කළ ඔලී ස්ටෝන් එහිදී කඩුලු 7ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...