මහ්මුදුල්ලාහ් T20I පිටියට සමු දීම නිවේදනය කරයි

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මහ්මුදුල්ලාහ් ජාත්‍යන්තර විස්සයි 20 ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු මේ දිනවල ඉන්දියාවේ දී පැවැත්වෙන තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර විස්සයි 20 පිටියට සමු දීමට නියමිතයි.

දිල්ලි හී දී හෙට(9) පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි 20 තරගයට පෙර අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මහ්මුදුල්ලාහ් සිය තීරණය නිවේදනය කළා.

38 හැවිරිදි මහ්මුදුල්ලාහ් එහිදී සදහන් කළේ තමා තවදුරටත් එක්දින ජාත්‍යන්තර තරග සදහා ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවන බවයි.

සිය පවුලේ සාමාජිකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසුව තමා සිය තීරණය පුහුණුකරු චන්දික හතුරුසිංහට, නායක නජ්මුල් හොසේන් ශන්තෝට, තේරීම් කමිටු ප්‍රධානියාට හා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට දැනුම් දුන් බව මහ්මුදුල්ලාහ් පවසා සිටියා.

ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන්නේ මීට වසර තුනකට පමණ පෙරයි.

බංග්ලාදේශ විස්සයි 20 කණ්ඩායමේ හිටපු නායකයෙකු ද වන මහ්මුදුල්ලාහ් බංග්ලාදේශය වෙනුවෙන් විස්සයි 20 තරග 139 කදී ලකුණු 2395 ක් රැස් කර තිබෙනවා. දවා ගෙන ඇති කඩුලු ගණන 40 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...