මසූඩ්ගේ හා ශෆික්ගේ ශතක හමුවේ පළමු දිනයේ වැඩි ගෞරව පාකිස්තානයට

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(7) මුල්තාන් හී දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ පාකිස්තානය පළමු දිනය නිමා වන විට කඩුලු 4 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 328 ක්.

ආරම්භක පිතිකරු අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 102 ක් රැස් කළ අතර, නායක ශාන් මසූඩ් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 151 ක්. මසූඩ්ගේ ඉනිම හයේ පහර 2කින් හා හතරේ පහර 13 කින් වර්ණවත් වුණා. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට ලකුණු 253 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

සයීම් අයුබ් ලකුණු 4කටත්, බාබර් අසාම් ලකුණු 30 කටත් දැවී ගියා. සවුද් ශකීල් නොදැවී ලකුණු 35 යි.

පන්දු යැවීමේ දී ගස් ඇට්කින්සන් ලකුණු 70 කට කඩුලු 2 ක් දවා ගත් අතර, ක්‍රිස් වෝක්ස් හා ජැක් ලීච් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...