‘Off-Season’ ප්‍රකාශය ගැන ඒ බී ඩිවිලියර්ස්ගෙන් විශේෂ ප්‍රකාශයක්

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ක්‍රීඩා කිරීම ‘Off-Season’ කාලයක් ලෙස සලකන බවට මීට වසර කිහිපයකට පෙර තමන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට දකුණු අප්‍රිකා හිටපු සුපිරි ක්‍රීඩක ඒ බී ඩිවිලියර්ස් අද(5) කටයුතු කළා.

සමාජ මාධ්‍ය වෙත ඔහු එක් කළ වීඩියෝවක ඔහු සදහන් කර සිටියේ එම ප්‍රකාශය ශ්‍රී ලංකා කණ්ඩායමට අගෞරවයක් සිදු කිරීමේ අරමුණින් කළ ප්‍රකාශයක් නොවන බවයි.

“මම කිව්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම ‘Off-Season’ එකක් වගේ කියලා. මම මේක කිව්වේ මීට අවුරුදු පහකට හයකට කලින්. මාව සම්පූර්ණයෙන්ම වැරැදියට තේරුම් ගත්තේ. මෙයින් අදහස් කරන්නේ මම එහේ සංචාරය කිරීමට කැමතියි යන්නයි. මම කැමතියි රටට, මම කැමතියි ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ට, මම කැමතියි මුහුදු වෙරළවල්වලට, මම කැමතියි කොළඹ Ministry of Crab එකට…”

“මම ගොඩක් ගරු කරනවා ක්‍රිකට් කණ්ඩායමට. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් සමග ක්‍රීඩා කරන එක කවදාවත් ‘Off-Season’ එකක් නෙවෙයි. විශේෂයෙන්ම සංගක්කාර, ජයවර්ධන, මුරලි ක්‍රීඩා කළ කාලයේ… ගොඩක් අමාරුයි ඔවුන්ට එරෙහිව ක්‍රීඩා කරන එක”

මේ අතර, නවසීලන්තය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම මෑතකදී ලැබූ ටෙස්ට් තරගාවලි ජයට සුබ පැතුම් එක් කිරීමට ද ඩිවිලියර්ස් අමතක කළේ නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...