Women’s T20 World Cup : ඉන්දියාවට ලකුණු 58 ක දරුණු පරාජයක්

Date:

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයෙන් නවසීලන්තය හමුවේ ලකුණු 58 ක දරුණු පරාජයක් අත්විදීමට ඉන්දීය කාන්තා කණ්ඩායමට අද(4) සිදු වුණා.

ඩුබායි හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 4 ක් දැවී ලකුණු 160 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 19 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 102 ක් පමණයි.

නවසීලන්තය වෙනුවෙන් නායිකා Sophie Devine පන්දු 36 කින් නොදැවී ලකුණු 57 ක් රැස් කළා. හතරේ පහර 7ක් ඇයගේ ඉනිමට ඇතුළත්. Georgia Plimmer ලකුණු 34 යි.

පන්දු යැවීමේ දී රේනුකා සිං ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ ලකුණු 15 ක් ලබා ගත් හර්මන්ප්‍රීට් කොවුර්. ජෙමිමාහ් රොද්‍රිගොස් හා දීප්ති ෂර්මා ලකුණු 13 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Rosemary Mair ලකුණු 19 කට කඩුලු 4 ක් දවා ගත් අතර, Lea Tahuhu ලකුණු 15 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

මේ අතර, තරගාවලියේ 3 වැනි තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පරදා කඩුලු 10 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කාන්තා පිල සමත් වුණා.

ඩුබායි හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 6ක් දැවී ලකුණු 118 ක් රැස් කළ අතර, දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් පන්දුවාර 17.5 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...